Psychotria elata කියන්නේ ඇමරිකාවේ නිවර්තන වැසි වනාන්තර වල යටි වෘක්ෂලතා ස්ථරයේ දක්නට ලැබෙන සුන්දර ශාකයක්. මෙය අපූරු තොල් වැනි පෙති සහිත මල් ඇති අද්විතීය ශාකයකි. එම නිසා මෙම ශාකය "hot lips plant " ලෙස හදුන්වනවා 💋. හැබැයි මෙම ශාකයට පවතින විශේෂ වගා තත්වයන් නිසා වර්ධනය කිරීමට නම් තරමක් අපහසුයි.
පඳුරු හෝ කුඩා ගසක් ලෙස වර්ධනය වන hot lips ශාකයේ ගැඹුරු ලෙස වර්ධනය වූ නාරටි වින්‍යාසයක් සහිත කොළ පැහැති සරල පත්‍ර තියනවා 🍃. මෙහි මල් යනු ඇත්ත වශයෙන්ම විකරනය කරන ලද පත්‍ර යුගලයක් වන අතර එය කුඩා තරුවක් වැනි සුදු/ ක්‍රීම් පැහැති මල් කිහිපයක් මැදි කරගනිමින් වර්ධනය වී විහිදෙනවා. පසුව මෙම කුඩා මල්, නිල් පැහැති කළු බෙරි බවට පත් වේ🫐. මෙම ශාකය සමනලුන්ට සහ හමිං කුරුල්ලන්ට ඉතා ආකර්ශනීයයි. 🦋🐦
අවාසනාවකට මෙන් වාසස්ථාන විනාශය හා සංවර්ධනය හේතුවෙන් මෙම ශාකය දැඩි ලෙස තර්ජනයට ලක්වී තියනවා. සාමාන්‍යයෙන් ප්‍රාන්තවල මෙම ශාකයේ පැළ හෝ බීජ ලබා ගැනීම කළ නොහැක්කක් . පඳුරු හෝ කුඩා ගසක් ලෙස Hot lips පැල වර්ධනය වන්නේ මධ්‍යම සහ දකුණු ඇමරිකාව, විශේෂයෙන් කොලොම්බියාව, ඉක්වදෝරය, කොස්ටාරිකාව සහ පැනමාව වැනි ප්‍රදේශවල වේ 🇺🇸🇨🇴🇪🇨🇨🇷. සාමාන්‍යයෙන් මෙම ශාක වර්ධනය වන්නේ කොළ රොඩු වලින් පොහොසත් තෙතමනය සහ සෙවන සහිත පරිසරවල.
වර්තමානයේ ගෘහස්ථ වගාකරුවන් නිවසට විදේශීය ස්පර්ශයන් එක් කිරීමට ලොව පුරා පවතින සුවිශේෂ ලක්ෂණ සහිත ශාක වෙත අවධානය යොමු කරනවා🌱🪴. ඉතිං Hot lips ශාකය මේ සඳහා හොදින් ගැලපෙන නමුත් මෙම ශාකය වර්ධනයට නිවර්තන පරිසරයක් අවශ්‍ය වෙනවා. මෙම හේතුව නිසා, එය බොහෝ විට එක්සත් ජනපදයේ බොහෝ අය සිය ආශාව සහ විනෝදාංශ සඳහා එකතු කරන හා වගා කරනු ලබනවා . Hot lips පැල වැඩීම සඳහා රත් වූ හරිතාගාරයක් හෝ සූර්යාගාරයක්, අධික ආර්ද්‍රතාවය සහ රළු සූර්ය කිරණ වලින් ආරක්ෂාවන අයුරින් සකසන ලද ස්ථාන අවශ්‍ය වෙනවා🛖. මේ අයුරින් hot lips පැල වැඩීම යනු එයට සුදුසු යටි නිවර්තන පරිසරය අනුකරණය කිරීමයි. බොහෝවිට බදුන් තුළ මෙම ශාක වර්ධනය කිරීමට අවශ්‍ය විශිෂ්ට ජලාපවහනය සහ තෙතමනය රඳවා තබා ගැනීමේ හැකියාවක් පවතින්නේ නැහැ . ඒ නිසා hot lips පැල සිටුවීමට පෙර වර්මිකුලයිට් (vermiculite) සහ පීට් පාසි (peat moss) ටිකක් එකතු කරනවා 🪴
ඉතිං මේ Hot lips මලෙහි පවතින රෝමාන්තික ආකර්ශනය නිසා මධ්‍යම ඇමරිකාවේ පොදු තෑගි ශාකයක් ලෙස hot lips භාවිතා කරනවා💋😍. විශේෂයෙන් ආදරවන්තයන්ගේ දිනයේදී රෝසමල් වෙනුවට තම ආදරණීයන් වෙනුවෙන් මිලෙන් අධික hot lips ශාක තෑගි කිරීමත් ඇමෙරිකානුවන් අතර සුලභව දක්නට ලැබෙනවා 💋🪴.